SL Media Hub

SL Media Hub - Header

රටක් වගේ බලය තිබුණ සමාගමක්….? VOC – (Vereenigde Oostindische Compagnie)

1602 මාර්තු 20 වනදා නෙදර්ලන්තය විසින් පිහිටුවූ VOC (Vereenigde Oostindische Compagnie) ලෝක ඉතිහාසයේ විශාලම වාණිජ බලවේගයක් විය.
එය සරල වෙළඳ සමාගමක් නොව – යුධ බලය, දේශපාලන බලය, මුදල් බලය සහ ගෝලීය ජාලයක් හිමිකරගත් පළමු බලවතා ලෙස සැලකේ.

ආරම්භය – ඇයි VOC හදන්න වුණේ?

16–17 වන සියවසේදී යුරෝපයේ රටවල් “සුවඳ ද්‍රව්‍ය වෙළඳාම” (Spice Trade) සඳහා දැඩි තරඟයක නියැළුණා.
🌶️ මිරිස්
🌿 කුරුඳු
🌰 කරාබුනැටි
මෙවැනි භාණ්ඩ සදහා යුරෝපයේ රන් හා සමාන වටිනාකමක් ලැබුනා. පෘතුගීසීන් සහ ස්පාඤ්ඤය මෙම වෙළඳ මාර්ග පාලනය කළා. නෙදර්ලන්තයේ කුඩා වෙළඳ සමාගම් එකිනෙකට තරඟ කිරීම නිසා ලාභය අඩු විය. ඒ නිසා 1602දී රජය විසින් ඒ සියලු සමාගම් එකතු කර VOC නමින් එකම බලවත් සමාගමක් පිහිටුවාගත්තා.

VOCට තිබූ විශේෂ බලතල:

නෙදර්ලන්ත රජය විසින් VOC සමාගමට 21 වසරක නිල අවසර පත්‍රයක් (Charter Power) ලබා දුන්හ, ඒ අනුව VOCට තිබුණේ:

⚔️ යුද්ධ කිරීමට බලය
🤝 විදේශ රටවල් සමඟ ගිවිසුම් අත්සන් කිරීම.
🏰 උපාය මාර්ගික බලකොටු ඉදිකිරීම.
🪙 මුදල් මුද්‍රණය කිරීම.
🚢 තමන්ගේම නාවික හමුදාව

මේවා රටකට තිබෙන බලතල!
ඒ නිසා VOC එක සමාගමක් වුවත්, එය කුඩා අධිරාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක විය.

ආර්ථික විප්ලවයක් – ලෝකයේ පළමු කොටස් වෙළදපල සමාගම
VOC යනු ලෝකයේ පළමු:
📈 කොටස් විකිණූ සමාගම
📊 කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වූ සමාගම
🌍 ගෝලීය ව්‍යාපාර ජාලයක් ගොඩනැගූ සමාගමයි.
එය අද “ බහුජාතික සමාගම්” සංකල්පයේ ආරම්භයයි.
ඉතිහාසඥයන්ගේ ගණනය අනුව
VOC එකේ වටිනාකම අද මුදලින් ගණනය කළහොත් ඇ. ඩොලර් ට්‍රිලියන 7–8 පමණ විය හැකියි.

VOC ආසියාවේ විශාල වශයෙන් බලය ගොඩනගාගත්තා. එහි ප්‍රධාන මධ්‍යස්ථානය වුණේ බතාවියා යි (අද ජකාර්තා).
ඔවුන් පාලනය කළ ප්‍රදේශ:
ඉන්දුනීසියාවේ දූපත්
ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ
ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශ
දකුණු අප්‍රිකාවේ Cape Colony

17 වන සියවසේදී VOC සමාගම පෘතුගීසින්ට එරෙහිව උඩරට රාජධානිය සමග ගිවිසුම් ගත විය. නමුත් නොසිතූ ලෙස ගිවිසුම් කඩ කරමින් 1658 වන විට ඔවුන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන් අල්ලා ගැනීමට කටයුතු කලහ.

VOC සමාගමේ ප්‍රධාන ඉලක්කය වුනේ කුරුදුයි. එදා ලෝකයේ හොඳම කුරුඳු ලැබුණේ ශ්‍රී ලංකාවෙන්. VOC සමාගම මෙරට කුරුඳු වෙළඳාම ඒකාධිකාරී ලෙස පාලනය කළා.

ඔවුන් ,ගාල්ල කොටුව, කොළඹ කොටුව, යාපනය කොටුව වැනි බලකොටු නිර්මාණය කලේය.මෙවැනි ඉදිකිරීම් අදටත් පවතියි.

VOC වාණිජ ලාභ සඳහා කටයුතු කළ නිසා
එය බොහෝ විට කුරිරු ක්‍රියා සිදු කළා.
ඉන්දුනීසියාවේ Banda දූපත් වල ජනතාව සමූලඝාතනය, බලෙන් වෙළඳාම පාලනය, දේශීය ජනතාවට අධික බද්දු පැනවීම, ඉන් කිහිපයකි. ඒ නිසා VOC ඉතිහාසයේ “ආර්ථික බලය සහ හමුදා බලය එකතු වූ පළමු වෙළද අධිරාජ්‍යය” ලෙසත්, “අධික ලාභය සඳහා ක්‍රියාකළ කුරිරු ආයතනයක්” ලෙසත් සලකනවා.

18 වන සියවස අගභාගයේදී:
💰 අධික ණය
🏦 දූෂණ
⚔️ යුද්ධ වියදම්
🚢 නාවික පරාජ
මේ හේතු නිසා VOC දුර්වල විය. 1799දී
VOC සමාගම සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. එහි දේපල සහ බලය නෙදර්ලන්ත රජය විසින් පවරා ගන්නා ලදි.


🌍 අතීතාවර්ජනා- Amanda perera(Facebook)
උපුටා ගැනීමකි

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top