SL Media Hub

SL Media Hub - Header

ශ්‍රී ලංකාවේ ශාන්ති කර්ම පිළිබදව පසුබිම් ගවේෂණයක් ( 9 පරිච්ඡේදය ) සුරත් චාමර විදානපතිරණ

ශ්‍රී ලංකාවේ අධිගෘහිත දේව ගණයා

ශ්‍රී ලංකාව පිළිබදව සැලකීමේදී අප රටට අධිගෘහිතව වෙසෙනු ලබන බවට ජනගතව පැවත එන හා දේශීය හා ඇතැම් විදේශීය මූලාශ්‍ර වලින් පැහැදිලි වන පරිදි සහ ඓතිහාසික ස්ථානීයව තහවුරු වන දේවාල මන්දිර අනුව ශ්‍රී ලංකාධිගෘහිත දේව මණ්ඩලය මෙසේ දැක්විය හැක.

මේ පෙළ ගැස්වීමෙන් දැක්වෙන්නේ ඒ ඒ දෙවි දේවතාවරු සහ උන්වහන්සේලාගේ බැතිමතුන් නැමදීමෙහි යෙදෙන ප්‍රධාන දේව මන්දිර පිහිටි ස්ථාන වේ.

විෂ්ණු දෙවි
දෙවිනුවර

සුමන සමන් දෙවි
සමනල අඩවිය

ස්කන්ධ දෙවි
කතරගම

නාථ දෙවි
මහනුවර

විභීෂණ
කැළණිය

පත්තිනි මෑණියන්
නවගමුව

අය්යනායක දෙවි
වන්නිය
( මෙසේ ශ්‍රී ලංකාවේ බහුලව නමදින්නේ ගන දෙවි වේ. දකුණු ඉන්දියාවේ අය්යර් නමින් ස්කන්ධ දෙවි හා ගන දෙවි ගේ අනෙක් සොහොයුරා වූ අය්යර් දෙවි නැමදේ )

සිද්ධ සූනියම් ( මහ විෂ්ණු දෙවියන් උදෙසා සේවයේ ), කඩවර ( ස්කන්ධ දෙවිදු උදෙසා සේවයේ ) දෙවිවරු ( ඒ ඒ මහ දෙවියන් සදහා වූ දේවාල වලදීම නැමදේ ) සහ
කාලි ( පත්තිනි මෑණියන් උදෙසා සේවයේ ) මෑණියන් නැමදීම උදෙසා
මුන්නේශ්වරම් කෝවිල

හින්දු ආගමික ආභාෂය තුළ ත්‍රිකුණාමලය කෝණේෂ්වරම් දේවාලය ශිව දෙවියන් උදෙසාය.

මහසෙන් දෙවි
මින්නේරිය

රාවණ, බලි, තරු ආදී අතීත හෙළ රජවරු ( වර්තමානයේ දේවත්වය ට ඔසවා ඇති )
සීගිරිය සහ මධ්‍යම කදුකරයේ ජනශ්‍රැතික ස්ථාන

දැඩි මුණ්ඩ දෙවි ( ගලේ බණ්ඩාර දෙවි )
අලුත් නුවර

දෙවොල් දෙවි
සීනිගම

රන්වල දෙය්යෝ
කැළණි මිටියාවත

මහා සෝණ
ගොපල්ලා
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශයන්හි පොදුවේ

නෑ යකුන් ( වැදි ප්‍රජාවගේ )
ආදී වාසීන් වෙසෙන පෙදෙස්

අප ඊළග පරිච්ඡේදයේ සිට මේ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබදව මූලික විස්තර සහ නැමදීමේ විෂය තුළ භාවිත ජන වන්දනා කවි ආදිය පිළිබදව සලකා බලමු.

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top