SL Media Hub

SL Media Hub - Header

IPl තරගාවලියේ වැඩිම අවදානය දිනා ගත් තරුණ ක්‍රිඩකයා – Vaibhav Suryavanshi

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ මේ සීසනයේ වැඩිම අවධානය දිනාගත් තරුණ ක්‍රීඩකයා බවට පත්ව සිටින Vaibhav Suryavanshi නැවතත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ක්‍රිකට් ලෝකයේ අවධානය දිනාගෙන තිබෙනවා.
වයස අවුරුදු 15ක් පමණක් වන මෙම තරුණ පිතිකරු, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් මෙවර IPL සීසනය තුළ ලකුණු 680කට ආසන්න සංඛ්‍යාවක් රැස් කර ඇති අතර, තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර ඉදිරියෙන්ම පසුවනවා.
අද පැවති එලිමිනේටර් තරගයේදී ඔහු පන්දු 29කින් වේගවත් ලකුණු 97ක් රැස් කරමින් තවත් වාර්තාගත ඉනිමක් ක්‍රීඩා කළා. එම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 12ක් ඇතුළත් වූ අතර, IPL ඉතිහාසයේ වේගවත්ම ශතකයන් අතරට එක්වීමට ඔහුට අහිමි වූයේ ලකුණු 3ක් පමණයි.
විශේෂත්වය වන්නේ, ඔහු මුහුණ දුන් පන්දු යවන්නන් අතර ලෝක මට්ටමේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් ද සිටීමයි. ඕස්ට්‍රේලියානු නායක Pat Cummins ඇතුළු ප්‍රබල පන්දු යවන්නන්ට එරෙහිවද ඔහු දැක්වූ ආක්‍රමණශීලී පිතිහරඹය ක්‍රිකට් විචාරකයන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.
තරුණ වියේදී මෙවැනි ප්‍රහාරාත්මක දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් ඉතා අඩු බව ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන අතර, Sachin Tendulkar, Virat Kohli සහ Chris Gayle වැනි ක්‍රිකට් පුරාවෘත්තයන්ගේ ආරම්භක කාලය සමඟද මේ දක්ෂතා සසඳා බලන පිරිස් සිටිනවා.
කෙටි කාලයක් තුළ IPL පිටියේ දැවැන්ත බලපෑමක් ඇති කරමින් සිටින Vaibhav Suryavanshi ඉදිරි වසරවල ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබල තරුවක් බවට පත්වනු ඇති බවට ක්‍රිකට් ලෝලීන් අතර දැඩි විශ්වාසයක් පවතිනවා.

www.slmediahub.c

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top