සිපෙට්කෝ ඉන්ධන මිල යළි ඉහළට: නව මිල ගණන් මෙන්න
කොළඹ: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලංකා සිපෙට්කෝ) විසින් අද (2026 මැයි 02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.
මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් මෙන්ම ඩීසල් සහ භූමිතෙල් මිල ද ඉහළ ගොස් තිබේ.
නව මිල සංශෝධනය පහත පරිදි වේ:
ලංකා සුදු ඩීසල්: රුපියල් 10.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 392.00 කි.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4: රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 458.00 කි.
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්: රුපියල් 12.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 410.00 කි.
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4: රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 470.00 කි.
ලංකා භූමිතෙල්: රුපියල් 10.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 265.00 කි.
මෙම මිල සංශෝධනය පිළිබඳව වැඩිදුර තොරතුරු 0117-296130 හෝ 0117-296248 යන දුරකථන අංක ඔස්සේ ඛනිජ තෙල් සංස්ථාවේ මාධ්‍ය අංශයෙන් ලබාගත හැකි බව එම සංස්ථාව වැඩිදුරටත් දන්වා සිටියි.
www.slmediahub.com
#fuelpriceincrease
#ceypetco
#viralnews
#slmediahub
#news2026


