SL Media Hub

SL Media Hub - Header

සිපෙට්කෝ ඉන්ධන මිල යළි ඉහළට: නව මිල ගණන් මෙන්න

සිපෙට්කෝ ඉන්ධන මිල යළි ඉහළට: නව මිල ගණන් මෙන්න

​කොළඹ: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (ලංකා සිපෙට්කෝ) විසින් අද (2026 මැයි 02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.
​මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් මෙන්ම ඩීසල් සහ භූමිතෙල් මිල ද ඉහළ ගොස් තිබේ.
​නව මිල සංශෝධනය පහත පරිදි වේ:

​ලංකා සුදු ඩීසල්: රුපියල් 10.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 392.00 කි.

​ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4: රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 458.00 කි.
​ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්: රුපියල් 12.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 410.00 කි.
​ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4: රුපියල් 15.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 470.00 කි.
​ලංකා භූමිතෙල්: රුපියල් 10.00 කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 265.00 කි.
​මෙම මිල සංශෝධනය පිළිබඳව වැඩිදුර තොරතුරු 0117-296130 හෝ 0117-296248 යන දුරකථන අංක ඔස්සේ ඛනිජ තෙල් සංස්ථාවේ මාධ්‍ය අංශයෙන් ලබාගත හැකි බව එම සංස්ථාව වැඩිදුරටත් දන්වා සිටියි.
www.slmediahub.com

#fuelpriceincrease
#ceypetco
#viralnews
#slmediahub
#news2026

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top