SL Media Hub

SL Media Hub - Header

ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21ක් දිවයිනට..

ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21ක් දිවයිනට..

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී අත්අඩංගුවට පත්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු අද (22) අලුයම ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවා තිබේ.
මෙම පිරිස අතර “මහවත්තේ චාමර” සහ “කුඩු දුමින්ද” ලෙස හඳුන්වන අපරාධ සැකකරුවන් ද සිටින බව වාර්තා වේ. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.
වාර්තා වන අන්දමට, මෙම සැකකරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පලාගොස් සැඟව සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගේ ජංගම දුරකථනවල මැදපෙරදිග යුද සමයේ භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප හා වීඩියෝ දර්ශන තිබී සොයාගැනීමෙන් පසුව මෙම පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බවද සඳහන්ය.
පසුව අද (22) අලුයම ගුවන් යානා දෙකක් මගින් මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එවා තිබුණි. ඔවුන් අතර තරුණියන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 19 දෙනෙකු සිටින බව සඳහන් වේ.
සාජා නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් G9-587 සහ G9-502 දරණ ගුවන් යානා මගින් මෙම පිරිස මෙරටට රැගෙන එවා තිබුණද, කටුනායක ප්‍රදේශයේ පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් එම ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබුණි.
පසුව කාලගුණික තත්ත්වය යහපත් වීමත් සමඟ අද උදෑසන 8.10ට පමණ එම ගුවන් යානා දෙක නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
අදාළ සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා අදාළ පොලිස් ස්ථාන වෙත භාරදීමට පියවර ගෙන ඇත.
මෙරට සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ වැඩසටහන යටතේ විදේශ රටවල සැඟව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආරක්ෂක අංශ සහ ජාත්‍යන්තර බලධාරීන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

www.slmediahub.com

#PoliceNews
#DubaiArrival
#MafiaGangster
#viralnews
#slmediahub

Spread the love

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top