සත්‍යයේ සුගන්ධය SL_Media.Hub තුළින් මේ දක්වා කියවූ ඔබ මෙතෙක් පසු කර ආ පරිච්ඡේද 1 – 6 දක්වා පෙළ ගැසෙන්නේ සත්‍යයේ සුගන්ධය – 1 අදියර ලෙසය.එහි වූයේ මා විසින් සිදු කළ විද්‍යාත්මක ගවේෂණය යි. පරිච්ඡේද 7 සිට, 8,9,10, 11 සහ 12 ත් දැන් ඔබ කියවන මේ 13 වන පරිච්ඡේදයත් ඔස්සේ ඉදිරියට දිගහැරෙන්නේ සත්‍යයේ සුගන්ධය – 2 අදියර යි.2 වෙනි අදියර යටතේ විස්තර වන්නේ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය යි. ඒ මා විසින් සිදු කළ ශාස්ත්‍රීය ගවේෂණය තවදුරටත්….13 පරිච්ඡේදය – ලෝකයේ ප්‍රධාන ආගමික ධාරා වල විකාශනය ලෝකයේ ආගමික විශ්වාසයන් ගේ සම්ප්‍රාප්තිය පිළිබඳව මේ වන විට මා පරිච්ඡේද එකින් එකට විස්තර කරගෙන ආවෙමි.වර්තමාන ලෝකයේ ආගමික විශ්වාසයන් අසූවක් ( 80 ) පමණ වේ. නමුත් ඒ සියල්ල ප්‍රධාන ධාරා තුනක් යටතේ වර්ගීකරණය කළ හැක.මේ පිළිබඳව විස්තර කිරීම සදහා මම මා විසින් රචිත ෆේස්බුක් දහම් පිටුවෙහි දහම් පිටු 779 – 2 අදියරේ 8 වන උප අදියරේ හි 5 වන පිටුව ඉදිරිපත් කරමි.දහම් පිටුව 779 – 2.8.5 මැද පෙරදිගින් බිහි වූ ආගමික විශ්වාසයන් තුනක් අප මේ වන විට සාකච්ඡා කළෙමු. පුරාණ ලෝකයෙන් පැවත එන ඒක දේව වාද සම්ප්‍රදායට මේ ආගම් තුන ( යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාම් ) අයත් වේ. මේ ඇදහීම් වලට පෙර හා පසුද මැද පෙරදිගින් ඒක දේව වාද ( Monotheism ) මතු වී තිබේ. මෙයට අමතරව ඒක දේව වාදයට පෙර පැවති බහුදේව වාදී ( Polyesthism ) හා ස්වභාවික වස්තු වන්දනාව ද අපි ඊජිප්තුව ඇතුලු අපේ කතාවේ පසුබිම් රටවල්වල තිබූ ඇදහීම් ඇසුරෙන් සදහන් කළෙමු. මේ ඒක දේව වාදය තුළින් ඉදිරිපත් වන්නේ ලෝකයේ සිද්ධි සිදුවන ක්‍රියාදාම චක්‍රය හෙවත් ධර්මතා පුද්ගලවාදී අර්ථ දැක්වීමකින් දේවත්වයට නැංවීමයි. ඒ ඒ සංස්කෘතීන්ට සාපේක්ෂව යෙහෝවා ( යුදෙව් හා ක්‍රිස්තියානි ), අල්ලාහ් ( ඉස්ලාම් ), අසුරමස්zදා ( සොzරෝ ඈස්ට්‍රියන් ), පරමාත්මා ( හින්දු ), කඨාණු ( ෂීක් ), යිංග් යැංග් ( තාඕ ) ආදී ලෙස විවිධාකාර නාමයන් යෙදුනේ වුවද මූලධාර්මික වශයෙන් එකම වේ. මැද පෙරදිග ප්‍රබල ඒක දේව වාදී ආගමික නැඹුරුවක් ඇති ප්‍රදේශයක් වන අතර එහි තව එක් ආගමික දර්ශනයක් කෙටියෙන් පවසා ඊළඟ කොටසට යා යුතු වෙමු. පර්සියානු ප්‍රදේශයේ, ව්‍යවහාර වර්ෂ ( Anno Domini ) ආරම්භයට සියවස් 5 ට පෙර ( 5th Century BC ) එක් ආගමික ගුරුවරයෙක් විසූ අතර එතුමා සෝzරෝ ඈස්ටර් හෙවත් ෂරාතුරස්‍ර නමින් ඉතිහාසයේ සදහන් වේ. එතුමා දෙසූ දහම සෝzරෝ ඈස්ට්‍රියන් දහම ලෙස හැදින්වෙන අතර මෙය අදහන බැතිමතුන් තවමත් පර්සියාවේ සිට ඉන්දියාව දක්වා සුලුතරයක් සිටී. ඔවුන් ගේ සර්වබලධාරි එකම දෙවියන් අසුරමස්zදා නමින් හදුන්වනු ලැබේ. මැද පෙරදිග දේව විශ්වාස මත වැඩුනු ආගමික ධාරාව, දකුණු ආසියාවේ පෙරදිග දර්ශනය මත වැඩුනු ආගමික ධාරාව හා චීනය ආශ්‍රිත නැගෙනහිර ආසියාවේ වැඩුනු ස්වභාවික දර්ශන වාද යනුවෙන් ලෝකයේ ආගමික දර්ශනයන් ප්‍රධාන ධාරා තුනකට බෙදනු ලැබේ. ආගම් පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ කරන්නන් ගේ මේ බෙදා දැක්වීම අනුව අප විසින් මේ වනවිට ඔබට මැද පෙරදිග ආගමික ධාරාව පිළිබඳව සෑහෙන අවබෝධයක් ලබා දී ඇත්තෙමු. මින් ඉදිරියට අනෙක් ධාරා දෙක හා ඒ යටතේ පෙළ ගැසුනු ආගමික දර්ශනයන් පිළිබඳව සාකච්ඡා කරන්නෙමු.


